ජනාධිපති අපේක්ෂකයින් Meta Ads වලට වියදම් කළ හැටි සමාජ මාධ්‍ය ඔස්සේ එළියට

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් සිය ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් Meta Ads සඳහා මේ දක්වා වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වන දත්ත වාර්තාවක් සමගයි මේ පිළිබඳව දැඩි කතාබහක් මතුව ඇත්තේ.

අදාළ දත්ත වාර්තාවට අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ Meta Ads සදහා පසුගිය දින 90ක කාලය තුළ රුපියල් 33,230,360ක මුදලක් වියදම් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින 90ක කාලය තුළ රුපියල් 32,514,220ක මුදලක් වියදම් කර ඇති අතර, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක රුපියල් 7,142,795ක මුදලක් Meta Ads සදහා වියදම් ඇති බව එහි සඳහන්.

එමෙන්ම නීතිඥ විජේදාස රාජපක්ෂ රුපියල් 8,579,955ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බවයි අදාළ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රුපියල් 665,202ක මුදලක් මෙම ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු සඳහා වියදම්කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මව්බිම ජනතා පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර රුපියල් 1,631,750ක මුදලක් සහ ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ජනක රත්නායක රුපියල් 1,907,165ක මුදලක් Meta Ads සදහා වියදම්කර ඇති බව එහි සඳහන්.

459853794 8251675368251799 5273856701000130857 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23