AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දුවව කෙළෙසූ පියා පොලිස් අත්අඩංගුවට

සිය බාල වයස්කාර දැරියව කලක සිට අපයෝජන කළ පියෙක් සැකපිට ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත දැරියගෙන් ප්‍රකාශක සටහන්කර ගැනීමකින් පසු සැකකාර පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර පියා විසින් 2022 වසරේ සිට මෙම දැරියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම එම නිවසේ රැඳී සිටි තරුණයෙක් ද දැරියව අපයෝජන කර ඇති බවටයි මේ වනවිට තොරතුරු හෙළිව තිබෙනවා.

එම සැකකරු ද සොයා මේ වනවිට විමර්ශන අරඹා ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකාර පියාට එරෙහිව 2020 දී සිය වැඩිමල් දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් නඩුවක් ද වවුනියාව මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවට ද අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?