AFC Banner
Empty Ad
Empty Ad

පළතුරු බීම වෙළෙන්දා පාරිභෝගිකයින්ට මුත්‍රා මිශ්‍රකළ බීම පොවලා (වීඩියෝ)

පාරිභෝගිකයින්ට මුත්‍රා මිශ්‍ර පළතුරු බීම අලෙවි කළ බවට චෝදනා ලැබූ පළතුරු බීම වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

අදාළ වෙළෙන්දා සමඟ 15 හැවිරිදි පිරිමි ළමයෙක් ද ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පළතුරු බීම වෙළෙන්දා මිනිස් මුත්‍රා මිශ්‍රකර පාරිභෝගිකයින්ට පළතුරු බීම ලබාදෙන බවට මහජනතාව කළ පැමිණිලිවලට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

උත්තර ප්‍රදේශ් හි ගාසියාබාද් ප්‍රදේශයේ ‘ඛුෂි ජූස් කෝනර්’ නමින් මොහු මෙම පළතුරු බීම අලෙවිසැල පවත්වාගෙන ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින් සිදුකළ පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් අදාළ වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී එහි තිබී මුත්‍රා පිරවූ ප්ලාස්ටික් කෑන් එකක් ද සොයාගෙන ඇති අතර එහි මුත්‍රා ලීටරයක් පමණ තිබූ බවයි වාර්තා වුණේ.

වෙළඳසැලෙන් ලබාගත් පළාතුරු බීම සාම්පල සහ මිනිස් මුත්‍රා සාම්පල පරීක්‍ෂණයට යවා ඇති අතර, එහි වාර්තා තවමත් ලැබී නොමැති බවයි ගාසියාබාද් පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?