AFC Banner
Empty Ad
Empty Ad

රෝහලේ බිල ගෙවන්න අවුරුදු තුනේ දරුවා විකුණලා

රෝහල් බිල්පතක් ගෙවීමට තම වයස අවුරුදු 03ක දරුවා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබද පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් හි පුද්ගලයෙක් තම බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇයව පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කර තිබෙනවා.

එහිදී බිරිඳ දරුවා ප්‍රසූත කළ පසු ඇයව අලුත උපන් බිළිඳා සමඟ රෝහල් බලධාරීන් රඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ රෝහල් බිල නොගෙවීම හේතුවෙන්.

රෝහල් බිල ගෙවීමට මුදල් නොමැතිව සිටි සැමියා විසින් ඒ සඳහා මුදල් සොයාගැනීමට වයස අවුරුදු 03ක දරුවා යුවළකට පසුගිය සිකුරාදා අලෙවිකර ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් සොයාගැනීම සඳහා දරුවා අලෙවි කිරීම සඳහා එම පුද්ගලයාට රෝහල් සේවිකාවක් ඇතුළු තවත් තිදෙනෙක් බලපෑම්කර ඇති අතර, එම බලපෑම් මත දරුවාව මෙලෙස යුවළකට අලෙවිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ පොලිසිය දරුවා මිලදී ගත් යුවළ ඇතුළු පස්දෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මුදලට අලෙවි කළ බාලවයස්කාර දරුවා නිරුපද්‍රිතව බේරාගෙන දෙමාපියන් වෙත යළි භාරදීමට කටයුතු කළ බව ප්‍රාන්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
0
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?