රෝහලේ බිල ගෙවන්න අවුරුදු තුනේ දරුවා විකුණලා

රෝහල් බිල්පතක් ගෙවීමට තම වයස අවුරුදු 03ක දරුවා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබද පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් හි පුද්ගලයෙක් තම බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇයව පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කර තිබෙනවා.

එහිදී බිරිඳ දරුවා ප්‍රසූත කළ පසු ඇයව අලුත උපන් බිළිඳා සමඟ රෝහල් බලධාරීන් රඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ රෝහල් බිල නොගෙවීම හේතුවෙන්.

රෝහල් බිල ගෙවීමට මුදල් නොමැතිව සිටි සැමියා විසින් ඒ සඳහා මුදල් සොයාගැනීමට වයස අවුරුදු 03ක දරුවා යුවළකට පසුගිය සිකුරාදා අලෙවිකර ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් සොයාගැනීම සඳහා දරුවා අලෙවි කිරීම සඳහා එම පුද්ගලයාට රෝහල් සේවිකාවක් ඇතුළු තවත් තිදෙනෙක් බලපෑම්කර ඇති අතර, එම බලපෑම් මත දරුවාව මෙලෙස යුවළකට අලෙවිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ පොලිසිය දරුවා මිලදී ගත් යුවළ ඇතුළු පස්දෙනෙකු ඊයේ (07) අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මුදලට අලෙවි කළ බාලවයස්කාර දරුවා නිරුපද්‍රිතව බේරාගෙන දෙමාපියන් වෙත යළි භාරදීමට කටයුතු කළ බව ප්‍රාන්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59