බාධා මැද්දේ එංගලන්තය පළමු ඉනිමේ ප්‍රබල තැනක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය ඊයේ (06) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දෙන එංගලන්තය පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 221ක් රැස්කරගෙන ප්‍රබල තැනක පසු වුණා.

මේ අතර තරගයේ පළමු දිනට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වූ අතර, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විනිසුරුවරුන්ට නියමිත කාලයට පෙර පළමු දිනට තරගය නතර කිරීමටයි සිදු වුණේ.

පළමු දිනට තරගය නතර කරන විට එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ඔලී පොප් සිය 07 වන ටෙස්ට් ශතකට වාර්තා කරමින් ලකුණු 103ක් රැස්කරගෙන සිටි අතර, හැරී බෲක් ලකුණු 08ක් ලබාගෙන සිටියා.

කඩුලු දවාගැනීමේ දී ලහිරු කුමාර කඩුලු 02ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් දවාගත්තා.

තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56