AFC Banner
Empty Ad
Empty Ad

කඩු කල්ලිවලට බයේ ගම්මුන් ආරක්ෂාව සොයා පොලීසියට යයි (ඡායාරූප)

යාපනය, වඩුකොඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට ඊයෙ (05) රාත්‍රියේ තියුණු ආයුධ ගත් කල්ලියක පහරදීමක් හේතුවෙන් එහි නිවැසියන් සහ ගම්වාසීන් පිරිසක් ආරක්ෂාව ඉල්ලා වඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසළට පැමිණ සිටියා.

නාඳුනන පුද්ගලයින් 06 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, එක් කාන්තාවක් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී අදාළ නිවැසියන්ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන්ගේ පැමිණීමත් සමඟ පහරදීමට පැමිණි පිරිස් පලාගොස් තිබුණා.

පහරදීමෙන් බියට පත් නිවසේ සෙසු සාමාජිකයින් සහ අසල්වාසීන් රැසක් වඩුකොඩ්ඩෙයි පොලිස් ස්ථානය අසළ මාර්ගයට පැමිණ තිබෙනවා.

එහිදී අදාළ තියුණු ආයුධ ගත් පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත්, එසේ නොවන්නට තමන්ට නිවසට ගොස් සිටීමට නෙහැකි බවටත්, තමන්ට කිසිඳු ආරක්ෂාවක් නොමැති බවටත්, ගම්වාසීන් පොලීසියට පවසා තිබුණා.

පසුව වඩුක්කොඩ්ඩෙයි පොලිසිය විසින් ගම්වාසීන් සමග සාකච්ඡා කොට ඊයේ (05) රාත්‍රියේම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, මේ වන විට අදාළ පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

b 8 2 scaled
b 5 3 scaled
b 6 2 scaled
b 3 1
57 1
b 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?