මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ බීඩිකොළ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 1332 ක් භාරයට ගෙන ඇති
බව හලාවත පොලිස් නිලධාරීන් පවසනවා.

එම බීඩිකොළ මෙරටට ගෙන්වූ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනකු ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ හලාවත පොලිසියට ලද තොරතුරක් මතයි.

මුහුදු මාර්ගයෙන් කුඩා බෝට්ටු දෙකකින් ගෙන එන ලද මෙම බීඩි කොළ තොගය හලාවත – ජයබිම ප්‍රදේශයේ කලපු තීරයේ වෙරළට ගොඩ බෑමට සුදානම් වන අවස්ථාවේ දීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

බීඩි කොළ තොගය විශාල ප්‍රමාණයේ පොලිතින් මළු 42 ක අසුරා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත – ජයබිම සහ කල්පිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් හෙළි ව තිබෙනවා.

බීඩි කොළ තොගය මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය සදහා යොදා ගත් කුඩා බෝට්ටු දෙකක් සහ එන්ජින් දෙකක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් සහ බීඩි කොළ තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00