නඩු බඩු කාමරයේ තිබූ හෙරොයින් අතුරුදන් වීමට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්න – අධිකරණය

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අස්ථානගතවීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (4) නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරු වුව ද තරාතිරම නොබලා ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අධිකරණයේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඔහුගෙන් එම මත්කුඩු තොගය රැගෙන ගොස් ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී කරුණු අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සැකකාර පුද්ගලයා මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර දි රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇති බවත් ඔහු මේ වනවිට ඇප මත සිටින බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

එම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී එම නිලධාරීහු මේ බව අධිකරණයට දන්වනු ලැබුවා.

මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබෙන සියලු නඩු භාණ්ඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉකුත් 2 දා පෞද්ගලිකවම නිරීක්ෂණය කළා.

එම සියලු නඩු භාණ්ඩවලට අදාළ ලේඛණයක් තමා භාරයට පත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහි රෙජිස්ටාර්වරයාට හා නඩු භාණ්ඩ කාමරයේ වත්මන් භාරකරුට නියෝගයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අධිකරණ නඩුබඩු කාමරයේ තිබී හෙරොයින් කිලෝ 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නඩු භාණ්ඩ එසේ නිරීක්ෂණය කර ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07