අරුන්දික ස්වාධීන වෙයි – අත් දෙක එකතු කරලා රනිල් – සජිත්ට එක්වෙන්නත් කියයි

අරුන්දික ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු සභා වාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී හැකිනම් එක්ව කටයුතු කරන ලෙස තමන් අත් දෙක එකතු කර ඉල්ලා සිටින බවටයි.

ජනාධිපතිවරණය ආසන්නයේ දී රාජ්‍ය නිලධාරීන් අබියස බොරුව වපුරවමින් සිටින බවත්, රටේ කැරලි දෙකක් හේතුවෙන් තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් මතක් කර සිටියා.

සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ මනස විකෘති කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් ද පවතින බවයි හෙතෙම පැවසුවේ.

තමන් අද සිට ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානය පරාජයට පත් කිරීමට හැකි ඕනෑම කෙනෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
18
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?