අරුන්දික ස්වාධීන වෙයි – අත් දෙක එකතු කරලා රනිල් – සජිත්ට එක්වෙන්නත් කියයි

අරුන්දික ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු සභා වාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අරුන්දික ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී හැකිනම් එක්ව කටයුතු කරන ලෙස තමන් අත් දෙක එකතු කර ඉල්ලා සිටින බවටයි.

ජනාධිපතිවරණය ආසන්නයේ දී රාජ්‍ය නිලධාරීන් අබියස බොරුව වපුරවමින් සිටින බවත්, රටේ කැරලි දෙකක් හේතුවෙන් තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් මතක් කර සිටියා.

සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ මනස විකෘති කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් ද පවතින බවයි හෙතෙම පැවසුවේ.

තමන් අද සිට ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානය පරාජයට පත් කිරීමට හැකි ඕනෑම කෙනෙකු සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56