ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – තිදෙනෙකුට බරපතළ තුවාල (ඡායාරූප)

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ (02) සවස බදුල්ල – මහියංගන මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ දී අනතුරකට ලක් වී තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී රථය රියදුරු පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කෙරුණා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, කරදගහමඩ, අලුත්කෑල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73, 67 සහ 43 යන වයස්වල පසුවන එකම පවුලක සාමාජිකයින් පිරිසක්.

ත්‍රීරෝද රථය බස් රථයේ ගැටීමත් සමග බස් රථයේ සිටි වයෝවෘද්ධ කාන්තාවගේ අතක් සහ පාදයක් බිඳී ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව නැහැ.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය සහ බදුල්ල පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වනු ලබනවා.

01 1
1 3 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43