AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – තිදෙනෙකුට බරපතළ තුවාල (ඡායාරූප)

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ (02) සවස බදුල්ල – මහියංගන මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ දී අනතුරකට ලක් වී තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී රථය රියදුරු පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කෙරුණා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, කරදගහමඩ, අලුත්කෑල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 73, 67 සහ 43 යන වයස්වල පසුවන එකම පවුලක සාමාජිකයින් පිරිසක්.

ත්‍රීරෝද රථය බස් රථයේ ගැටීමත් සමග බස් රථයේ සිටි වයෝවෘද්ධ කාන්තාවගේ අතක් සහ පාදයක් බිඳී ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව නැහැ.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය සහ බදුල්ල පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වනු ලබනවා.

01 1
1 3 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?