තායිලන්තයට තිලාපියාගෙන් කරදර

තායිලන්තයේ මේ වනවිට තිලාපියා මසුන් වඩාත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මත්ස්‍ය විශේෂ හේතුවෙන් එරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බ්ලැක්චින් තිලාපියා මසුන් තායිලන්තයේ ජල මාර්ග හරහා අඛණ්ඩව ව්‍යාප්ත වන අතර, මේ වන විට පළාත් 17ක් මෙම මත්ස්‍යන්ගේ බලපෑමට ලක්ව තිබෙනවා.

මෙම මත්ස්‍යන් විසින් තායිලන්තයේ වැදගත් ජලජීවී වගා නිෂ්පාදන, කුඩා මාළුන්, ඉස්සන්, ගොළුබෙල්ලන් සහ කීටයන් ගොදුරු කරගැනීම බහුලව සිදුකරන බව සඳහන්.

මෙම තත්ත්වයත් සමඟ ගංගා සහ වගුරු බිම්වල ජීවත්වන තිලාපියා මසුන් අල්ලා ගැනීමට තායි රජය විසින් එරට මිනිසුන්ව දිරිමත් කිරීම අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව තිලාපියා මසුන් අල්ලන පුද්ගලයින්ට එම මාළු කිලෝග්‍රෑමයකට බාට් 15ක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම තිලාපියා මසුන් දඩයම් කිරීම සඳහා තිලාපියාගේ විලෝපිකයන් වන දිගු විස්කර් කැට්ෆිෂ් වැනි මසුන් ගංගා සහ වගුරු බිම්වලට මුදාහැරීමට ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව ජානමය වශයෙන් වෙනස් කරන ලද බ්ලැක්චින් තිලාපියා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ද අරඹා ඇති අතර, ඔවුන් මේ වසර අවසන් වන විට මුදාහැරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, තිලාපියා මසුන් වේගයෙන් ප්‍රජනනය කරන විශේෂයක්වන අතර ගැහැණු මාළුවෙකුට වරකට බිත්තර 500ක් පමණ බිහි කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
10
+1
3
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10