2025 වසරේ දී 150,000 කට රැකියා සමගින් නව ආදායම් මාර්ග ලක්ෂයක්

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර සිටියේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවයි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය දැනුම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කර දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එසේම දැනට වෘත්තිය පුහුණුව ලබන පිරිසට අමතරව තමන් කැමැති ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගැනීමට තරුණ තරුණියන්ට 50,000ක ලබා දෙනවා මෙන්ම, 2025 වසර වන විට 150,000කට රැකියා ලබා දෙන බවත් ජනපතිවරයා සඳහන් කළා.

තව අවුරුදු 15 කින් ගෑස් නොමැතිව විදුලිය නොමැතිව දුක් විඳිමට සිදුවන බවත් එම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපනයන ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පරිවර්ථන පනත සම්මත කර ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පවසන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වෙනුවෙන් ආංශික කාරක සභාව සඳහා තරුණයන් සහභාගි කරවා ගැනීමට යෝජනා කළ බවයි.

ලබන වසරේ තරුණ පරපුර වෙනුවෙන් නව ආදායම් මාර්ග ලක්ෂයක් බිහි කිරීමටත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ස්ථීර ලෙස ස්වයං රැකියවලට යොමුවන අයට ආධාර ලබා දිමටත් කටයුතු කරන බව තරුණ තරුණියන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිඳව කරුණු පවසමින් එතුමා කියා සිටියේ ඒ තුළ තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව විසඳීමට ප්‍රායෝගික ක්‍රියාවලියක් ඉදිරිපත් කර නොමැති බවයි.

පැමිණ සිටි තරුණ නායක නායිකාවන් හට ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?