2025 වසරේ දී 150,000 කට රැකියා සමගින් නව ආදායම් මාර්ග ලක්ෂයක්

නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර සිටියේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවයි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය දැනුම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කර දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එසේම දැනට වෘත්තිය පුහුණුව ලබන පිරිසට අමතරව තමන් කැමැති ආයතනයක වෘත්තීය පුහුණුව ලබා ගැනීමට තරුණ තරුණියන්ට 50,000ක ලබා දෙනවා මෙන්ම, 2025 වසර වන විට 150,000කට රැකියා ලබා දෙන බවත් ජනපතිවරයා සඳහන් කළා.

තව අවුරුදු 15 කින් ගෑස් නොමැතිව විදුලිය නොමැතිව දුක් විඳිමට සිදුවන බවත් එම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපනයන ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය ආර්ථික පරිවර්ථන පනත සම්මත කර ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පවසන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම වෙනුවෙන් ආංශික කාරක සභාව සඳහා තරුණයන් සහභාගි කරවා ගැනීමට යෝජනා කළ බවයි.

ලබන වසරේ තරුණ පරපුර වෙනුවෙන් නව ආදායම් මාර්ග ලක්ෂයක් බිහි කිරීමටත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ස්ථීර ලෙස ස්වයං රැකියවලට යොමුවන අයට ආධාර ලබා දිමටත් කටයුතු කරන බව තරුණ තරුණියන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිඳව කරුණු පවසමින් එතුමා කියා සිටියේ ඒ තුළ තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව විසඳීමට ප්‍රායෝගික ක්‍රියාවලියක් ඉදිරිපත් කර නොමැති බවයි.

පැමිණ සිටි තරුණ නායක නායිකාවන් හට ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වුණා.

  1. 2024 දී පලාත් පාලන මැතිවරනය තියන්න සල්ලි නෑ කිව්ව මනුස්සයා නේද මේ දැං දිගට හරහට බෙදන්න යන්නෙ.අනෙ බං මොනාද මේ දිව දෙකෙ කතා…මලත් අවන්කව ඇත්ත කියන්න පුරුදු වෙන්න.නැත්තං ලැබුනු මනුස්ස ආත්මෙටත් නිගාවක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21