නෙත්තමළුව රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 20කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

එම ගින්න අද අලුයම වන විට පාලනය වී තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

නමුත් තැනින් තැන තවමත් ගිනිගැනීම් මේ වන විටත් (28) දක්නට ලැබෙනවා.

එම ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.