නෙත්තමළුව රක්ෂිතයේ විශාල ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 20කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

එම ගින්න අද අලුයම වන විට පාලනය වී තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

නමුත් තැනින් තැන තවමත් ගිනිගැනීම් මේ වන විටත් (28) දක්නට ලැබෙනවා.

එම ගින්න හේතුවෙන් රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32