AFC Banner
Empty Ad
Empty Ad

සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල වු යාපනයේ කාන්තාවක් ජීවිතක්ෂයට

ගින්නකින් තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා.

එලෙස පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි තුවාරකන් නිරුත්තිකා නමැති 30 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 25 වැනිදා සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතළ තුවාල ලැබු එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් අදාළ කාන්තාවට ගිනි තබා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පොලිසිය පැවසූවේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී පැවැත්වීමෙන් අනතුරුව,මළ සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?