සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල වු යාපනයේ කාන්තාවක් ජීවිතක්ෂයට

ගින්නකින් තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා.

එලෙස පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි තුවාරකන් නිරුත්තිකා නමැති 30 හැවිරිදි කාන්තාවක්.

පසුගිය 25 වැනිදා සිරුරට ගිනි ඇවිලීමෙන් බරපතළ තුවාල ලැබු එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් අදාළ කාන්තාවට ගිනි තබා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

පොලිසිය පැවසූවේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී පැවැත්වීමෙන් අනතුරුව,මළ සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51