AFC Banner
Empty Ad
Empty Ad

චීන ආනයන මත බදු බර කැනඩාවත් වැඩි කරයි

එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කැනඩාව ද චීන විද්‍යුත් වාහන ආනයනය සඳහා 100% තීරුබදු සහ චීනයෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සඳහා 25% තීරුබදු පනවන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චීනයෙන් නැව්ගත කරන ලද සියලුම විද්‍යුත් වාහන සඳහා තීරු බදු අදාළ වන අතර, ඊට ටෙස්ලා (TSLA.O) ද අයත්.

මෙම තීරණයත් සමග වඩාත්ම වටිනා ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයාගේ කොටස් 3.2% කින් පහත වැටී ඇත.

ටෙස්ලා විසින් ෂැංහයි නිෂ්පාදිත විද්‍යුත් වාහන කැනඩාවට නැව්ගත කිරීම ආරම්භ කිරීමත් සමග, චීනයේ සිට කැනඩාවේ විශාලතම වරාය වන වැන්කුවර් වෙත කැනේඩියානු මෝටර් රථ ආනයනය 460% වර්ධනයක් පෙන්නුම් කරමි් 2023 දී 44,356ක් දක්වා ඉහළ ගියා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පැවසුවේ චීනයේ චේතනාන්විත, රාජ්‍ය මෙහෙයවන අධි ධාරිතාව පිළිබඳ ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කරන බවයි.

ඔක්තෝබර් 1 වැනිදා සිට නව තීරුබදු බලාත්මක වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?