AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ දැවැන්ත ප්‍රහාර මාලාවක් – 70කට වඩා මියයයි

නිරිතදිග පකිස්ථානයේ දී බලුකිස්තාන් සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර මාලාවකින් මියගිය ගණන 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අධිවේගී මාර්ගයක ධාවනය වූ වාහන, පොලිස් ස්ථාන සහ දුම්රිය මාර්ග ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වුණා.

සන්නද්ධ සටන්කාමීන් අධිවේගී මාර්ගයක් අවහිර කර, වාහනවලින් මගීන් පිටතට ගෙන ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු වෙඩි තබා ඇතැයි පොලිසිය පැවසුවා.

එහිදී පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් ඇති අතර වාහන 10 ක් ගිනි තබා තිබෙනවා.

ආරක්ෂක අංශ පසුව කළ මෙහෙයුමේ දී ඇති වූ ගැටුම්වල දී සටන්කාමීන් 21 දෙනෙක් සහ හමුදා සෙබලුන් 14 දෙනෙක් මිය ගියා.

සන්නද්ධ සටන්කාමී සංවිධානයක් වන බලුච් විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?