ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම නවතියි

විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇති මාර්ගගත අයදුම් කිරීමේ ක්‍රමය තාවකාලිකව නවතා දමා තිබෙනවා.

දසත ප්‍රවෘත්ති අප කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ; ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සිදුවන විශාල මූල්‍ය වංචා පිළිබඳව තොරතුරු රැසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලැබී ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි.

මෙම තීරණය අද (27) සිට ක්‍රියාත්මක වන බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ; ඔන්ලයින් ක්‍රමවේදය මෙලෙස තාවකාලිකව නවතා දැමුණ ද සාමාන්‍ය පරිදි ගුවන් ගමන් සඳහා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයේ සියලු සේවාවන් සිදු කෙරෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
11
+1
0
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?