කිවියන්ට එරෙහි ටෙස්ට් සටනට රෂීඩ් නෑ

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු ක්‍රීඩක රෂීඩ් ඛාන් ව එක් නොකර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයට මේ වනවිට (27) විසි දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කර ඇති අතර එහි රෂීඩ් ඛාන්ට ඉඩක් ලැබී නැහැ.

Omarzai සංචිතයට එක් කර තිබෙන බවත් එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වනු ඇති බවත් වාර්තා වනවා.

මෙම තරගය එළඹෙන සැප්තැම්බර් 9 සිට 13 වැනිදා දක්වා ග්‍රේටර් නොයිඩා හි දී පැවැත්වීමට නියමිතයි.

රෂීඩ් අවසන් වරට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් 2021 මාර්තු මාසයේ දී අබුඩාබි හි පැවති ටෙස්ට් තරගයකට සහභාගි වුණා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය පැවසුවේ පුහුණුවීම් කඳවුරක් සඳහා එළඹෙන 28 වැනිදා රෂීඩ් ඉන්දියාව බලා පිටත්ව යන බවත් ඔහු නිල වශයෙන් පැමිණෙන දිනයක් නිශ්චිත නොවන බැවින් ඔහුව සංචිතයට එක් කර නොමැති බවයි.

රෂීඩ් මෑතකදී කාබුල් හි පැවති Shpageeza T20 ලීගයට Speen Ghar Tigers කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27