AFC Banner
Empty Ad
Empty Ad

කිවියන්ට එරෙහි ටෙස්ට් සටනට රෂීඩ් නෑ

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු ක්‍රීඩක රෂීඩ් ඛාන් ව එක් නොකර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයට මේ වනවිට (27) විසි දෙනෙකුගෙන් යුත් ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කර ඇති අතර එහි රෂීඩ් ඛාන්ට ඉඩක් ලැබී නැහැ.

Omarzai සංචිතයට එක් කර තිබෙන බවත් එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වනු ඇති බවත් වාර්තා වනවා.

මෙම තරගය එළඹෙන සැප්තැම්බර් 9 සිට 13 වැනිදා දක්වා ග්‍රේටර් නොයිඩා හි දී පැවැත්වීමට නියමිතයි.

රෂීඩ් අවසන් වරට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් 2021 මාර්තු මාසයේ දී අබුඩාබි හි පැවති ටෙස්ට් තරගයකට සහභාගි වුණා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය පැවසුවේ පුහුණුවීම් කඳවුරක් සඳහා එළඹෙන 28 වැනිදා රෂීඩ් ඉන්දියාව බලා පිටත්ව යන බවත් ඔහු නිල වශයෙන් පැමිණෙන දිනයක් නිශ්චිත නොවන බැවින් ඔහුව සංචිතයට එක් කර නොමැති බවයි.

රෂීඩ් මෑතකදී කාබුල් හි පැවති Shpageeza T20 ලීගයට Speen Ghar Tigers කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?