AFC Banner
Empty Ad
Empty Ad

ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ අද (27) නියෝග කර තිබෙනවා.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඔහුට මෙම දඬුවම් නියමකර ඇති අතර, ඊට අමතරව රුපියල් 400,000ක දඩයක් ද පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

2010 වසරේ දී ඒ.එච්.එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 02කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 04ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

එහි දී ඒ.එච්.එම් ෆවුසි නීතිඥවරයා මාර්ගයෙන් වරද පිළිගනු ලැබුවා.

විනිසුරුවරයා එහිදී පෙන්නා දුන්නේ වසර 62ක දේශපාලන පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවයි.

ඔහු මුල් අවස්ථාවේ දීම වරද පිළිගැනීම හා මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘධ පුද්ගලයෙකු වීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නා.

ඒ.එච්.එම් ෆවුසිගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
4
+1
124
+1
2
+1
3
+1
7
+1
14
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?