නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ බීඩිකොළ තොගයක් උතුරේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන තෙත බර සහිත බීඩි කොළ තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙම බීඩි කොළ තොගය කල්පිටිය – උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ දී ඊයේ (25) සිදු කළ මෙහෙයුමක දී සොයාගත් බවයි.

එම වැටලීමේ දී තෙත බර සහිත බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6ක් පමණ තොගයක් සොයා ගැනුණා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර; එහිදී ‍එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් 15ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 499ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ එම විධානයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, වෙරළට ගොඩගසා තිබූ පාර්සල් 07ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 249.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගත් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56