AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ බීඩිකොළ තොගයක් උතුරේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන තෙත බර සහිත බීඩි කොළ තොගයක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙම බීඩි කොළ තොගය කල්පිටිය – උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ දී ඊයේ (25) සිදු කළ මෙහෙයුමක දී සොයාගත් බවයි.

එම වැටලීමේ දී තෙත බර සහිත බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6ක් පමණ තොගයක් සොයා ගැනුණා.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර; එහිදී ‍එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් 15ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 499ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ එම විධානයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය විසින් වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, වෙරළට ගොඩගසා තිබූ පාර්සල් 07ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 249.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?