ජර්මනියේ සෝලින්ගන් හි පිහි ඇනුමේ වගකීම ISIL භාර ගනී

ජර්මනියේ සෝලින්ගන් නගරයේ ඉකුත් සෙනසුරාදා (24දා) සිදු වූ පිහිඇනුමේ වගකීම ISIL (Islamic State of Iraq and the Levant) සංවිධානය භාරගෙන තිබෙනවා.

ISIL සංවිධානයේ අමාක් (Amaq) ප්‍රවෘත්ති වෙබ් අඩවිය නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ; පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත් ව සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුනුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා ISIL සංවිධානයේ සාමාජිකයකු බවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව ද අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ISIL සාමාජිකයා එහි සංගීත සංදර්ශනයක් පැවැත්වෙන ස්ථානයක සිටි පුද්ගලයන්ට මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනයේ දී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?