මිලාන්ගේ හා ධනාගේ අමිල වූ පිතිකරණයෙන් ශ්‍රී ලංකාව යාන්තමින් පළමු ඉනිමට හිස ඔසවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කළා.

දේශීය වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වූ මෙම තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හි දීයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන ධනංජය ද සිල්වා විසින් ගනු ලැබූ පළමුව පිතිකරණය තෝරා ගැනීමට සර්ව සාධාරණයක් කිරීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ලකුණු 06ක්ව පවතිද්දී මුල් පෙළ කඩුලු 03ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 120 පමණ වන විට මුල් පෙළ කඩුලු 07ක් බිඳ වැටී තිබෙන ආකාරය දක්නට ලැබුණා.

ජ්‍යේෂ්ඨ පිතිකරුවන්ගේ දියාරු වූ පිතිකරණය යළි යළිත් පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ජ්‍යේෂ්ඨ යැයි සැලකෙන දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරන්නට එංගලන්ත වේග පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සේදී යද්දී අසීරුවෙන් එක් පැත්තක සිට මුක්කුවක් ගසා ගනිමින් ඉනිම ගොඩගන්නට හුදෙකලා සටනක නිරත වූ ධනංජය ද සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය 15 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74ක් රැස් කළා.

කෙසේවෙතත් ස්ථානගත කිරීම්හි අවසානයට පැමිණ, සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායක ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාසය පෙන්නුම් කරමින් මංගල තරගයේ දී ම එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබන්නට ද සමත් වුණේ හුදෙකලා සටනක නිරත වූ නායක ධනංජයගේ පිතිකරණයට තල්ලුවක් දෙමින්.

ධනා හා මිලාන් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236ක් දක්වා ඔසවා තැබීමට සමත් වුණා.

මිලාන් රත්නායක දැවී යන විට හයේ පහර දෙකක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 72ක් ලබා සිටියා.

එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී අංක 09 පිතිකරුවෙකු රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කියන්නට නවක ක්‍රීඩක මිලාන් ඊයේ සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ශොයිබ් බෂීර් එක්ව කඩුලු 03 බැගින් බිඳ හෙලූ අතර ඇට්කින්සන් කඩුලු 02ක් සහ වුඩ් එක් කඩුල්ලකට ද වග කීමට සමත් වුණා.

ඊයේ දිනය නිමාවට පත් වන විට එංගලන්තය සිය පළමු ඉනිම පන්දුවට පහරදීමට අරඹා තිබූ අතර ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබාගෙන සිටියා.

පිටියෙහි පළමු කඩුල්ලට රැඳී සිටින්නේ Ben Duckett සමගින් Dan Lawrence.

අද තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10