AFC Banner
Empty Ad
Empty Ad

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ඉන්දියාවට පිටුවහල් කළ හැකියි – අධිකරණයෙන් තීරණයක්

2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සොයනු ලබන පකිස්ථානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදී තහවුර් රානා රටවල් දෙක අතර ඇති උදර්පන ගිවිසුම යටතේ ඉන්දියාවට භාර දිය හැකි බවට එක්සත් ජනපද අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

“ඉන්දියාව-එක්සත් ජනපද පිටුවහල් කිරීමේ ගිවිසුම මගින් රානා පිටුවහල් කිරීමට අවසර ලබා දී ඇත” යනුවෙන් අධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කළා.

මුම්බායි හි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී සිටින රානා විසින් ගොනු කරන ලද අභියාචනයක් මත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.

පහළ අධිකරණයක් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් රානා මෙම අභියාචනය ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?