පොහොට්ටුවේ ජනපති අපේක්ෂක තීරණය තව සුළු මොහොතකින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තව සුළු මොහොතකින් සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

අද (07) උදෑසන 7.00ට එම සුබ ආරංචිය ප්‍රකාශ කරන බවයි මහලේකම්වරයා දැනුම්දී ඇත්තේ.

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) නිල වශයෙන් ලිපියක් මාර්ගයෙන් පොහොට්ටු මහලේකම්වරයාට දන්වා තිබුණා.

එම ලිපියෙන් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමා යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට ද හෙතෙම ස්තුතිය පුද කර තිබෙනවා.

පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට නියමිත බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02