AFC Banner
Empty Ad
Empty Ad

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක තීරණය තව සුළු මොහොතකින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට තව සුළු මොහොතකින් සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

අද (07) උදෑසන 7.00ට එම සුබ ආරංචිය ප්‍රකාශ කරන බවයි මහලේකම්වරයා දැනුම්දී ඇත්තේ.

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් නොවන බව ධම්මික පෙරේරා මහතා ඊයේ (06) නිල වශයෙන් ලිපියක් මාර්ගයෙන් පොහොට්ටු මහලේකම්වරයාට දන්වා තිබුණා.

එම ලිපියෙන් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමා යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට ද හෙතෙම ස්තුතිය පුද කර තිබෙනවා.

පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට නියමිත බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?