ජීවන වියදමට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා පස්වැනි දිනටත් – ආණ්ඩුවට දස වැදෑරුම් යෝජනා මාලාවක්

ජීවන වියදමට එරෙහි පාකිස්තානයේ විරෝධතා අඛණ්ඩව පස්වන දින දක්වා ව්‍යාප්ත වී ඇති පසුබිමක්, ජමාත්-ඊ-ඉස්ලාමි (ජේඅයි) ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සම්බන්ධයෙන් පකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ සහතිකය ඉල්ලා සිටි බව මූලාශ්‍ර උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා.

රජයෙන් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වී ඇති බව JI ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් 10 ගැන ජමාත්-ඊ-ඉස්ලාමි දැඩි බලාපොරොත්තු සහගතව සිටින බව සඳහන්.

පක්ෂ ආරංචි මාර්ගවලට අනුව, ඔවුන් තම ඉල්ලීම් සම්බන්ධයෙන් ස්ථිරව සිටින අතර නියෝජිත පිරිස සමඟ රැස්වීමක් පවත්වන බවට පොරොන්දු වී ඇති බවයි පැවසෙන්නේ.

පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, තොරතුරු හා විකාශන අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය ඇතුළු රජයේ ත්‍රිපුද්ගල නියෝජිත පිරිසක් සෙනසුරාදා JI ඉහළ නායකත්වය හමු වී තිබෙනවා.

රජය සහ JI අතර කුමන එකඟතාවකට පැමිණිය ද ඒ සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් තිබිය යුතු බව එම පක්ෂයේ වැදගත් කොන්දේසියක්.

ෆෙඩරල් ආණ්ඩුව සඳහා JI විසින් ඉදිරිපත් කර ඇති සමහර ඉල්ලීම් අතර ආහාර ද්‍රව්‍යවල මිල සියයට 20 කින් අඩු කිරීම සහ විදුලි හා ගෑස් ගාස්තු ඇතුළත්.

බදු ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56