AFC Banner
Empty Ad
Empty Ad

බැඩ්මින්ටන් මූලික වටයේ පළමු තරගයෙන් මැලේසියාව හමුවේ විරේන් පරදියි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල තරග ඉසව්වේ මූලික වටයේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ අද (28) ඉදිරිපත් වුණා.

මෙම තරගයේ දී ප්‍රබල මැලේසියානු ක්‍රීඩක ලී සී ජියා හමුවේ තරග වට දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමටයි විරේන්ට සිදු වුණේ.

පළමු තරග වටය 21ට 14ක් ලෙස සහ දෙවන තරග වටය 21ට 12ක් ලෙස මැලේසියානු ක්‍රීඩක ලී සියා ජියා ජයග්‍රහණය කළා.

මැලේසියානු ක්‍රීඩක ලී සී ජියා ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට 07 වන ස්ථානයේ පසුවනවා.

මේ අතර විරේන් නෙත්තසිංහ සහභාගීවන මූලික වටයේ මීළඟ තරගය ලබන 30 වනදා ස්පාඤ්ඤ ක්‍රීඩක පැබ්ලෝ එබියන් සමඟ පැවැත් වෙනවා.

4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?