පරිපාලන නිලධාරියෙකුට කළුතර පොලිසියේ සිව් දෙනෙකුගෙන් ගුටි පූජාවක්

කළුතර වෙරළේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වී සිටි, පරිපාලන නිලධාරියෙකුට, කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙක් සිදු කළ පහරදීමක් හේතුවෙන්, එම නිලධාරියා රෝහල්ගත කර තිබෙනවා.

ඔහු පවසන්නේ, සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් සිව් දෙනෙකු, තම අනන්‍යතාව පිළිබඳ විමසා, මෙම පහරදීම සිදු කළ බවයි.
 
මෙසේ රෝහල්ගත ව ඇත්තේ කළුතර – බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ  පරිපාලන නිලධාරියෙක්.
 
ඔහු ජාත්‍යන්තර පරිසර දින වැඩසටහනක් වෙනුවෙන් පෙරේදා (22) කළුතර වෙරළේ  පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඔහුගේ අනන්‍යතාව පිළිබඳව විමසා තිබෙනවා. 
 
අදාළ නිලධාරීන් සිවිල් ඇඳුමින් සිටිම හේතුවෙන් ඔවුන් කවුරුන් ද යන්න ඔහු විමසා ඇති අතර එහි දී ඇති වූ කතාබහකින් පසු පහරදීම සිදු ව ඇති බවයි ඔහු පවසන්නේ. 
 
කෙසේ වෙතත් ඔහු මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලින් පිටව ගොස් තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් අප කළුතර දකුණ පොලිසියෙන් සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කළුතර වෙරළේ ගැවසෙන සොරුන් සහ බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්වීම පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි. 
 
එහිදී සිදුකළ පරීක්ෂාවේ දී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි ව ඔහු පොලිසියට ගෙන්වා පසුව පොලිස් ඇප මත මුදාහල බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
4
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?