AFC Banner
Empty Ad
Empty Ad

පරිපාලන නිලධාරියෙකුට කළුතර පොලිසියේ සිව් දෙනෙකුගෙන් ගුටි පූජාවක්

කළුතර වෙරළේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වී සිටි, පරිපාලන නිලධාරියෙකුට, කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙක් සිදු කළ පහරදීමක් හේතුවෙන්, එම නිලධාරියා රෝහල්ගත කර තිබෙනවා.

ඔහු පවසන්නේ, සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් සිව් දෙනෙකු, තම අනන්‍යතාව පිළිබඳ විමසා, මෙම පහරදීම සිදු කළ බවයි.
 
මෙසේ රෝහල්ගත ව ඇත්තේ කළුතර – බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ  පරිපාලන නිලධාරියෙක්.
 
ඔහු ජාත්‍යන්තර පරිසර දින වැඩසටහනක් වෙනුවෙන් පෙරේදා (22) කළුතර වෙරළේ  පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඔහුගේ අනන්‍යතාව පිළිබඳව විමසා තිබෙනවා. 
 
අදාළ නිලධාරීන් සිවිල් ඇඳුමින් සිටිම හේතුවෙන් ඔවුන් කවුරුන් ද යන්න ඔහු විමසා ඇති අතර එහි දී ඇති වූ කතාබහකින් පසු පහරදීම සිදු ව ඇති බවයි ඔහු පවසන්නේ. 
 
කෙසේ වෙතත් ඔහු මේ වන විට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලින් පිටව ගොස් තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් අප කළුතර දකුණ පොලිසියෙන් සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කළුතර වෙරළේ ගැවසෙන සොරුන් සහ බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්වීම පිළිබඳ සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි. 
 
එහිදී සිදුකළ පරීක්ෂාවේ දී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි ව ඔහු පොලිසියට ගෙන්වා පසුව පොලිස් ඇප මත මුදාහල බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
4
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?