අධිවේගයේ මාරාන්තික ගමනක් ගිය රථයේ රියදුරු පොලීසිය භාර වෙයි

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක කවුළුවක් මත වාඩි වී ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළේය.

මෙම සිදුවීම සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලිස් නාගරික රථවාහන ස්ථානයට භාරවී තිබේ.

ඉන්පසුව එම රියදුරු සහ අදාළ සිදුවීමට සම්බන්ධ මෝටර් රථයේ මුල් හිමිකරුව ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මීට පෙර මෙම සිදුවීම සම්බන්ධ මෝටර් රථයේ මුල්හිමිකරු, රථය මිලදී ගත් පුද්ගලයා සහ අධිවේගී මාර්ගයේ ආනාරක්ෂිතව රිය ධාවනය කළ තරුණයන් පිරිසට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

කෙසේ වෙතත් පොලීසිය හමුවේ ඉදිරිපත් වී තිබුණේ රථයේ මුල් හිමිකරු, රථය මිලදී ගත් පුද්ගලයා සහ මිලදී ගත් පුද්ගලයාගේ පුත්‍රයා පමණි.

මෙහිදී පොලිසීය සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබුණේ මෙම අනාරක්ෂිතව ධාවනය කළ මෝටර් රථයේ මුල් හිමිකරු විසින් එය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවයක් වෙත පවරා ඇති බවයි. 

මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?