තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි

හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවිමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු බරපතල ලෙස තුවාල ලබා සිටි තරුණයා ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(12) දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නගරයේ දුම්රිය පාලම අසලදිය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්ත පහල කොටසේ පදිංචි එම්.කරුණාකරන් නැමති 32 හැවිරිදි විවාහක තරුණයෙකි.

හැටන් විග්ටන් සිට හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයකට ජිවිතක්ෂයට පත් තරුණයා සහ තරුණිය ගැටි මෙම අනතුර සිදු වි ඇත.

ජිවිතක්ෂයට පත් තරුණයා සහ තුවාල ලැබු තරුණිය හැටන් නගරය දක්වා මාර්ගය අභියස පයින් ගමින් කරමින් සිටියදි පසුපසින් ධාවනය වු පෞද්ගලික බස් රථයේ දෙදනාම ගැටි අනතුර සිදු වි ඇති අතර, බස් රථයේ ගැටුණු තරුණිය ඉදිරියට විසි වි ඇති බවත් , තරුණයා බස් රථයේ පිටුපස රෝදයට යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

බස් රථයේ රියදුරා සහ බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබු තරුණියගේ තත්ත්වයද බරපතල බවයි දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19