ගුරු විදුහල්පතිවරුන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, අනුව දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් හෙට (22) දිනයේ සිට සති දෙකක් මෙම සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිතයි.
ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (21) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ අතර, එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ රජයේ පාසල්ව ඇතැම් ගුරුවරුන් පුද්ගලික උපකාරක පංති පැවැත්වීමට පෙළඹී ඇත්තේ මෙම වැටුප් ගැටලුවත් සමඟ බවයි.
මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන සති දෙකක කාල සීමාව තුළ, උපකාරක පංති පවත්වන රජයේ පාසල්වල ගුරුවරුන් එම පංති පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද ඔහු මෙහිදී එම ගුරුවරුන්ට දැනුම් දුන්නා
එමෙන්ම ගුරුවරුන්ට පැවරී ඇති අමතර වැඩකටයුතු වලින් ඔවුන්ව ඉවත්කරන ලෙස ද ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.














එතකොට කොහොමද මහින්ද ජයසිංහ ඉන්නේ, රෙදි හැඳගෙනද
දැන්වත් ගුරුවරුන් අකුරට වැඩ කරන එක හෙඳයි. පසුගිය කාලයේ පාසල් වල වැඩ නොකර ටියුෂන් පංති වල තමයි ගුරුවරු අකුරට වැඩ කරේ. අකුරට වැඩ කරන ටියුෂන් ගුරුහොරුන් මේ දිනවල ටියුෂන් නවත්වා පාසලේ අකුරට වැඩ කර ගුරු සංගම් කාරයො කියන විධියට තමන් ගන්නෙ පිංපඩියක් නොවන බවපෙන්වන්න.
ළමයි පාසල් වලට යවන්නත්, හවසට ටියුෂන් යවන්නත් ඔින නෑ ගුරුවරු පාසලේ අකුරට උගන්වනවානම්. දෙමාපියන් පවුලේ ආදායමෙන් 30% කට වඩා වැය කරන්නේ ලමයින්ගෙ ටියුෂන් වලට. පසුගිය කාලයේ සිස්ටම් චේන්ජ් කරන්න පෙලපාලි ගියටියුෂන් ගුරුහොරු කිසිම හිරිකිතයක් නැතිව ආර්ථික අර්බුදයෙන් අන්ත පීඩිතව සිටි දෙමාපියන්ගෙන් ටියුෂන් ගාස්තු දෙගුණයකට වඩා වැඩිකර සුරාකන ලදි.
රජයේ පාසල් ටික වසා දමා ගුරුවරුන්ට කරන වියදමින් දුප්පත් ළමයින්ට ශිෂ්‍යත්වයක් ලබා දී ටියුෂන් පංතියෙන්විභාග පාස්වීමට අවස්ථාව ලබා දුන්නා නම් ප්රශ්නය ඉවරයි. දෙමාපියන්ටත් පහසුයි. ලමයින්ටත් වරුවක් ඉතිරියි. නොඑසේනම් ටියුෂන් තහනම් කර නිදහස් අධ්‍යාපනය තහවුරු කල හැකිකොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් පත් කර ගත යුතුයි.
Thopi akurata lamunta igennuwa nam ada meka surapurak
මේ ගත්ත තීරණය ඇත්තටම හොදයි මොකද මුදල් නැති දෙමාපියන් ගොඩාක් මේ නිසා අසරණ වෙනවා