AFC Banner
Empty Ad
Empty Ad

හිඟුරක්ගොඩ ගුවන්තොටේ සංවර්ධන කටයුතු ඇරඹේ (වීඩියෝ)

හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණයට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) ආරම්භ වුණා.

ඒ, වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට 2024 අයවැය මඟින් රුපියල් බිලියන 02ක මූලික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

ප්‍රථම අදියර යටතේ මීටර් 2287ක් දිගකින් සහ මීටර් 46ක් පළලින් යුත් ගුවන් යාන ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කරනු ලබනවා.

ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06ක් තුල නිම කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම ගුවන් තොටුපොළ තුළ එයාර් බස් 320, බෝයිං B737 මාදිලියේ ගුවන් යානා මෙහෙයවීමේ හැකියාව පවතිනවා.

මෙහි සමස්ථ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 17ක් වැයවන අතර, එම ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?