ළිඳෙන් හමු වූ සිව් හැවිරිදි දියණිය ඝාතනය කිරීමක් – පොලිසිය කියයි (වීඩියෝ)

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී මළ සිරුර හමු වූ සිව් හැවිරිදි දියණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ , දැරියගේ මව විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

යටියන්තොට ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසින් රුවන්වැල්ල පොලීසියට කල දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කෙරුණා.

මෙලෙස මියගොස් තිබුනේ අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නම් දැරියක්.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනය පසුගිය අගහරුවාදා රාත්‍රී 11ත් 17 වැනිදා අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

මියගිය දැරියගේ මව කථානාබාධිත කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39