මහින්දට හා මෛත්‍රීට ගුවන් හමුදාවෙන් චෝදනාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය විසින් සිය ධුර කාල තුළ දී ප්‍රමාණයට වැඩියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් භාවිතා කර ඇති බවට වාර්තා වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ජනාධිපති වරප්‍රසාද යටතේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන (හිටපු) ජනාධිපතිවරයා විසින් සිය 05 අවුරුදු ධුර කාලයේ දී 557 වතාවක් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා උපයෝගී කරගනිමින් පියාසර කර ඇති බවට හෙළිදරවු වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනුයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අනාවරණය කර ඇත්තේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රාජපක්ෂට වඩා මෛත්‍රී පාලනය තුළ දී හෙලිකොප්ටර් යානා වැඩි වශයෙන් පරිහරණය කර ඇති බවත් එය වාර්ෂිකව ගුවන් ගමන් 111ක් සමගින් මහින්ද රාජපක්ෂ යොදාගත් වාර්ෂික ගුවන් ගමන් 88 සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයක්.

මේ වනවිට මහජන මුදල් භාවිත කරමින් මෙලෙස අනවශ්‍ය පරිදි ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
17
+1
86
+1
6
+1
10
+1
5
+1
22
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?