මහින්දට හා මෛත්‍රීට ගුවන් හමුදාවෙන් චෝදනාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය විසින් සිය ධුර කාල තුළ දී ප්‍රමාණයට වැඩියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් භාවිතා කර ඇති බවට වාර්තා වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 සිට 2015 දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ජනාධිපති වරප්‍රසාද යටතේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන (හිටපු) ජනාධිපතිවරයා විසින් සිය 05 අවුරුදු ධුර කාලයේ දී 557 වතාවක් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා උපයෝගී කරගනිමින් පියාසර කර ඇති බවට හෙළිදරවු වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනුයි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අනාවරණය කර ඇත්තේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රාජපක්ෂට වඩා මෛත්‍රී පාලනය තුළ දී හෙලිකොප්ටර් යානා වැඩි වශයෙන් පරිහරණය කර ඇති බවත් එය වාර්ෂිකව ගුවන් ගමන් 111ක් සමගින් මහින්ද රාජපක්ෂ යොදාගත් වාර්ෂික ගුවන් ගමන් 88 සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයක්.

මේ වනවිට මහජන මුදල් භාවිත කරමින් මෙලෙස අනවශ්‍ය පරිදි ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18