කුණු කෑම සොයා PHI එද්දි හෝටල් වසා දමා හිමිකරුවන් පලා යයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා මහ නගර සභා බල ප්‍රදේශය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු ලෙස අලෙවි කරන වෙළෙඳ සැල් වැටලීමේදී එම ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ හැකි වූයේ කඩවල් දෙකක් පමණක් වන අතර දෙවැනි කඩය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කර එළියට එන විට ඔබේ ඔබේසේකරපුර අනිකුත් කඩ වසා දමා තිබීම විශේෂත්වයක් විය.

ඔබේසේකරපුර කඩ පිහිටි කලාපය මීට සුළු මොහොතකට පෙර එකවර ඇදිරිනීතිය පැනවූ ස්ථානයක් බවට පත් වී තිබෙනු දක්නට ලැබිණි.

කෝට්ටේ පුරපති ශාන්ත ප්‍රේමලාල් මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමට ඉඩකඩ සැලසී සැලසීමේ අරමුණින් මෙම වැටලීම් සිදු කළ බවද ඒ මහතා පැවසීය.
මෙම වැටලීම් රාජගිරිය ඔබේසේකරපුර වැනි ප්‍රදේශවල සිදු කළ අතර එහිදී අපිරිසිදු ආහාර ගබඩා කොට තැබූ ශීතකරණ සදහා මුද්‍රා තැබීම ද සිදු කරනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?