දැරියකට දසවද දෙන පුංචි අම්මාගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

බාලවයස්කාර දැරියකට පහර දී ඇයව නිවසේ මිදුලේ දණගස්සවා ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මජිමා නගර් හි ජීවත්වෙන වයස අවුරුදු 13ක දැරියකට ඇයගේ සුළු මව විසින් මෙලෙස වදහිංසා පමුණුවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රැකියවක් සඳහා විදෙස් ගතව ඇති දැරියගේ පියා සොරකමක් සිදුකිරීමේ චෝදනාවකට මේ වනවිට එරට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවට තොරතුරු වාර්තා වනවා.

දැරියගේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ භාරයේ මෙම දැරිය ජීවත්ව ඇති අතර, ඔහුගේ දෙවන විවාහයෙන් අදාළ කාන්තාවට දාව තවත් දරුවන් දෙදෙනෙකු ද සිටින බව සඳහන්.

මෙම දැරිය සුළු මවගේ තාඩන පීඩන හමුවේ පාසල් නොගොස් නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වෙත ඊයේ (13) දිනයේ පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි එම පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
3
+1
32
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20