AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රාහකයාගේ බොරු පැමිණිල්ල අතේ පත්තුවෙයි

රුපියල් කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් දින දින ගණනාවක් ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක සිරකර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් පසුගිය වසරේ අගෝස්තු මස 07 වන දින වාර්තා වුණා.

මෙම පැහැර ගැනීමේ සිද්ධියට අදාළව, පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයා සිදුකර තිබූ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට පෙරේදා (11) අධිකරණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ප්‍රධාන සැකකරුවන ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් නිදහස් කිරීමටයි ගම්⁣පොළ මහේත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය නියෝග කළේ.

එමෙන්ම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කළ රුපියල් කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රහණය ලැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට ද මහේත්‍රාත්වරිය පොලිසියට නියෝහ කර සිටියා.

අකුරණ, මල්වාහින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහිදීන් මොහොමඩ් ඉර්ෂාඩ් නැමැත්තා විසින් පසුගිය වසරේ අගෝස්තු මස පොලිසියට පැමිණිලිකර තිබුණේ රුපියල් කෝටි 07 හමාරක මුදලක් ජයග්‍රහණය කළ තමන්ව පිරිසක් විසින් පැහැරගෙන ගොස් දී කිහිපයක් ගම්පොල රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටි බවයි.

පසුව මෙම සිද්ධිය සම්බධයෙන් ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එවක දී කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බධයෙන් පැවති නඩු විභාගයේ දී අනාවරණය වී ඇත්තේ පැමිණිකරු සහ විත්තිකරු කලක සිට දැනහඳුනන පුද්ගලයින් බවයි.

ලොතරැයි දිනුම ජයග්‍රහණය කළ පසු එම මුදල් ගැනීමට පෙර රුපියල් කෝටියක් පමණ වියදම් කිරීමට අවශ්‍යය බව පවසා මොහු විසින් ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ව්‍යාපාරිකයා විසින් එම මුදල රත්මල්කඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස, ඉඩම සහ ලී මෝල උකස්කර මුදල ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ව්‍යාපාරිකයාගෙන් එලෙස ලබාගත් රුපියල් කෝටිය මුදල අපසු ලබා නොදීමට උපක්‍රමයක් ලෙස මෙම පුද්ගලයා විසින් අදාළ ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇති බවයි පසුව අධිකරණයේ දී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
31
+1
3
+1
1
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසේල සම්පත් දුම්මල වරම අතට ගනී - වඳුරු කුණුහරුප දැන් කියන්න හදන්න එපා
06:30
Video thumbnail
වසන්ත මුදලිගේ හදීසියේ උසාවි ගෙන්වයි - වසන්ත සියල්ල හෙළි කරයි
04:06
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42

?