කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රාහකයාගේ බොරු පැමිණිල්ල අතේ පත්තුවෙයි

රුපියල් කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් දින දින ගණනාවක් ගම්පොළ, රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක සිරකර තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධ පුවතක් පසුගිය වසරේ අගෝස්තු මස 07 වන දින වාර්තා වුණා.

මෙම පැහැර ගැනීමේ සිද්ධියට අදාළව, පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයා සිදුකර තිබූ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට පෙරේදා (11) අධිකරණයේ දී අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ප්‍රධාන සැකකරුවන ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් නිදහස් කිරීමටයි ගම්⁣පොළ මහේත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය නියෝග කළේ.

එමෙන්ම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කළ රුපියල් කෝටි 07 හමාරක ලොතරැයි ජයග්‍රහණය ලැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට ද මහේත්‍රාත්වරිය පොලිසියට නියෝහ කර සිටියා.

අකුරණ, මල්වාහින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහිදීන් මොහොමඩ් ඉර්ෂාඩ් නැමැත්තා විසින් පසුගිය වසරේ අගෝස්තු මස පොලිසියට පැමිණිලිකර තිබුණේ රුපියල් කෝටි 07 හමාරක මුදලක් ජයග්‍රහණය කළ තමන්ව පිරිසක් විසින් පැහැරගෙන ගොස් දී කිහිපයක් ගම්පොල රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටි බවයි.

පසුව මෙම සිද්ධිය සම්බධයෙන් ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එවක දී කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බධයෙන් පැවති නඩු විභාගයේ දී අනාවරණය වී ඇත්තේ පැමිණිකරු සහ විත්තිකරු කලක සිට දැනහඳුනන පුද්ගලයින් බවයි.

ලොතරැයි දිනුම ජයග්‍රහණය කළ පසු එම මුදල් ගැනීමට පෙර රුපියල් කෝටියක් පමණ වියදම් කිරීමට අවශ්‍යය බව පවසා මොහු විසින් ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ව්‍යාපාරිකයා විසින් එම මුදල රත්මල්කඩුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස, ඉඩම සහ ලී මෝල උකස්කර මුදල ලබා දී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ව්‍යාපාරිකයාගෙන් එලෙස ලබාගත් රුපියල් කෝටිය මුදල අපසු ලබා නොදීමට උපක්‍රමයක් ලෙස මෙම පුද්ගලයා විසින් අදාළ ව්‍යාජ පැමිණිල්ල සිදුකර ඇති බවයි පසුව අධිකරණයේ දී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
32
+1
3
+1
1
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01