කෝච්චි වර්ජනය අවසන් – ඒත් අදත් පොඩි පොඩි තදබදයක් (වීඩියෝ)

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කෙරුණු බව පැවසුණ ද අද (12) පෙරවරුවේත් දුම්රිය මගීන්ගේ ගමනාගමන කටයුතු අඩාල වී තිබූ අයුරු දක්නට ලැබුණා.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ඉල්ලීම් 13 ක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා.

දින දෙකක් පුරාවට පැවති වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් අද රාත්‍රී 12.00 සිට සේවයට වාර්තා කිරීමටයි එකඟතාව පළ කර ඇත්තේ.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කෙරුනද අද උදෑසනත් දිවයින පුරා කාර්‍යාල දුම්රිය ගණනාවක් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?