කෝච්චි වර්ජනය අවසන් – ඒත් අදත් පොඩි පොඩි තදබදයක් (වීඩියෝ)

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කෙරුණු බව පැවසුණ ද අද (12) පෙරවරුවේත් දුම්රිය මගීන්ගේ ගමනාගමන කටයුතු අඩාල වී තිබූ අයුරු දක්නට ලැබුණා.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ඉල්ලීම් 13 ක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා.

දින දෙකක් පුරාවට පැවති වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් තීරණය කළේ විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් අද රාත්‍රී 12.00 සිට සේවයට වාර්තා කිරීමටයි එකඟතාව පළ කර ඇත්තේ.

කෙසේ වෙතත් වර්ජනය අවසන් කෙරුනද අද උදෑසනත් දිවයින පුරා කාර්‍යාල දුම්රිය ගණනාවක් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46