LPL නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුව කැන්ඩි නායක වනිඳු මගහරියි – යොවුන් ක්‍රීඩක චමිඳු ගැන නබීගෙන් සහතිකයක්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 05ක් එක් වෙමින් පැවැත්වෙන අතර එහි නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) පැවැත්වුණා.

ඒ කොළඹ සුගතදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලබන ශ්‍රවණාගාරයේ දී යි.

කණ්ඩායම් 05 නියෝජනය කරමින් එහි නායකයින් එක් ව සිටි අතර; කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පමණක් නායක වනිඳු හසරංග මාධ්‍ය හමුවට පැමිණ සිටියේ නැහැ.

ඒ වෙනුවට ඔහු එවා තිබුණේ කමිඳු මෙන්ඩිස්ව යි.

කෙසේවෙතත් අද දිනයේ මෙම මාධ්‍ය හමුවට වනිඳු එක් වී නැත්තේ ඔහුට උණ රෝගය වැළඳීමෙන් බවත් වාර්තා වනවා.

සෙසු කණ්ඩායම් වන ජැෆ්නා කිංග්ස් නියෝජනය කරමින් චරිත් අසලංක ද, දඹුල්ල සික්සර්ස් නියෝජනය කරමින් මොහොමඩ් නබි ද, තිසර පෙරේරා කොළොම්බු ස්ට්‍රයිකර්ස් නියෝජනය කරමින් ද, නිරෝෂන් දික්වැල්ල මාවල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ද එක් ව සිටින අයුරු දක්නට ලැබුණා.

මේ වනවිට LPL තරගාවලියේ අවසාන අදියරවලට ළඟා වී ඇති අතර; අවසන් මහා සටන එළඹෙන 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මෙහිදී කණ්ඩායම්වල නායකයින් සිය සැලැසුම් සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ව අදහස් පළ කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී ලංකා ප්‍රීමියර් ලීග් කණ්ඩායමේ දඹුල්ල සික්සර්ස් වෙනුවෙන් LPL වරම් දිනූ චමිඳු වික්‍රමසිංහ ගැන ද මාධ්‍යවේදියෙකු නායක නබීගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ චමිඳු වැනි තරුණ ක්‍රීඩකයෙකුගේ දක්ෂතා ගැන කිව හැක්කේ කුමක්ද යන්න විමසමින්.

එහිදී සිනහා මුසු මුහුණින් නබී ප්‍රකාශ කළේ ”ඔහු ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට වඩා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වගේ. ඉතා දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්.ඔහු නුවර දී සහ දඹුල්ලේ දී ත් ඔහුගේ දක්ෂතා අපිට පෙන්නුවා. තරගය ජයග්‍රහණයට අවශ්‍ය ම මොහොතේ දී ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ඔහු හොඳට ක්‍රීඩා කළා. ඒ දක්ෂතා ගැන පුදුමයි. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්වල හෙට දවස..” යනුවෙන්.

ඊයේ (11) රාත්‍රියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේ පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස් වූ බවයි.

ඒ වෙනුවට නව නායක ධුරයට චරිත් අසලංක ව පත් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

මේ වනවිට අයි. පී. එල්. තරගාවලියේ ප්‍රසාද ලකුණු 08ක් හිමි කරගනිමින් ජැෆ්නා කණ්ඩායම මුලසන ගෙන සිටින අතර ගෝල් මාර්වලස් කණ්ඩායම දෙවැනි තැන ද කොළොම්බු කණ්ඩායම තෙවැනි ස්ථානයේ ද පසුවනවා.

නායක වනිඳුගේ කැන්ඩි කණ්ඩායම පසුවන්නේ අවසන් ස්ථානයේයි.

ඔවුන් තරගාවලිය පුරා ම එක් වූ තරග 06න් තරග 02ක් පමණක් ජයගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
13
+1
2
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44