පන්දහසේ දීමනාව ගැන චක්‍රලේඛයක්

සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාවට අදාළ ප්‍රතිලාභී පවුල් නිර්වචනය කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එහි ප්‍රතිලාභී පවුල් කාණ්ඩ 07 ක් පිළිබඳව කරුණු දක්වා ඇති බව සඳහන්.

කොරෝනා තත්ත්වයත් සමඟ අවසන්වරට රුපියල් පන්දහස ලබාදුන් පවුල් කාණ්ඩ 10 අතුරෙනුයි මෙම කාණ්ඩ 07 තෝරාගෙන ඇත්තේ.

ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇති පවුල්, වැඩිහිටි දීමනාව පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල්, වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් දීමනා ලබන පුද්ගලයින් සිටින පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සිටින පවුල් සහ අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් ඊට අයත්.

ඉහත සුදුසුකම් සපුරන පුද්ගලයින් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු එක් පවුලක සිටී නම් එම පවුලට ලැබෙන්නේ එක් රුපියල් පන්දහසක දීමනාවක් පමණක් බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

268072 1
268072 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?