AFC Banner
Empty Ad
Empty Ad

උපකාරක පන්ති අසල අයිස් මත්ද්‍රව්‍ය විකුණූ සිව්දෙනෙකුට මාංචු

දීර්ඝ කාලයක සිට උපකාරක පන්ති අසල අයිස් මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ දින සිදු කර ඇත්තේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් රාගම පොලිස් වසමේ හොරපේ දුම්රියපොළ අසල දී යි.

සැකකරුවන් ‘කුරුකුලාව සම්මානි’ නමැති උපකාරක පන්ති පවත්වන ස්ථානය අසල මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ යෙදී තිබෙනවා.

එමෙන්ම එදින ම හින්කෙන්ද – මුදිතා මාවතේ ද මත්ද්‍රව්‍ය වැටලීම් 04ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රාගම සහ කුරුකුලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24ත් 34ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 930 ක් සමග අත්අඩංගුවට ගැනුණා.

ඒ සමග යතුරු පැදියක්, මුදල් රුපියල් 6,600ක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 03ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?