මත්ද්‍රව්‍ය ජාවාමෙන් උපයාගත් රුපියල් මිලියනයකට වැඩි මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල දුම්රියපොල පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ රුපියල් 1,030,670ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (10) දහවල් මෙම වැටලීම සිදුකර තිබුණේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 101ක් සහ අයිස් ග්‍රෑම් 113ක් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 34ක් වන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මෙවර අලුත් අවුරුදු සමයේදී මත්පැන් භාවිත කර රිය පදවන පුද්ගලයන් සෙවීමට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් ද සොයා මෙහෙයුම් සිදුකරන බවයි. මෙරට දැනට පවතින නීති අනුව මත්ද්‍රව්‍යයක් භාවිත කර රිය පැදවීම රුපියල් 25000ක දඩයක් ලැබිය හැකි වරදක් වන අතර අධිකරණයක් මගින් රිය බලපත්‍රය තාවකාලිකව හෝ ස්ථිරව අත්හිටුවීමට සහ සිර දඬුවම් ලබාදිය හැකි වරදක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09