මත්ද්‍රව්‍ය ජාවාමෙන් උපයාගත් රුපියල් මිලියනයකට වැඩි මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල දුම්රියපොල පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ රුපියල් 1,030,670ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (10) දහවල් මෙම වැටලීම සිදුකර තිබුණේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 101ක් සහ අයිස් ග්‍රෑම් 113ක් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 34ක් වන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මෙවර අලුත් අවුරුදු සමයේදී මත්පැන් භාවිත කර රිය පදවන පුද්ගලයන් සෙවීමට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් ද සොයා මෙහෙයුම් සිදුකරන බවයි. මෙරට දැනට පවතින නීති අනුව මත්ද්‍රව්‍යයක් භාවිත කර රිය පැදවීම රුපියල් 25000ක දඩයක් ලැබිය හැකි වරදක් වන අතර අධිකරණයක් මගින් රිය බලපත්‍රය තාවකාලිකව හෝ ස්ථිරව අත්හිටුවීමට සහ සිර දඬුවම් ලබාදිය හැකි වරදක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?