රුසියානු හමුදාවේ සිටින ඉන්දියානුවන් මුදා හැරීමේ තීරණයක්

රුසියානු හමුදාවේ සේවය කරන සියලු ම ඉන්දියානුවන් නිදහස් කිරීමට රුසියාව තීරණය කර ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් NDTV වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය මොස්කව් සංචාරයේ දී ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ මෙම ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන්.

යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට එරෙහිව සටන් කරමින් අවම වශයෙන් ඉන්දියානුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, යුධ කලාපයේ සිර වී සිටින විශාල පිරිසක් කියා සිටින්නේ තමන්ව රවටා සටන් බිමට යොමු කළ බවයි.

දෙදින සංචාරයක් සඳහා මොස්කව් වෙත ගොස් සිටින අගමැති මෝදි ක්‍රෙම්ලීනයේ දී පුටින් විසින් පවත්වන ලද පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක දී මෙම ප්‍රශ්නය මතු කළ බව ආරංචි මාර්ග පවසනවා.

ඔවුන්ගේ හමුදාවේ සේවය කරන සියලුම ඉන්දියානුවන් නිදහස් කිරීමට සහ ඔවුන් ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට රුසියාව එකඟ වූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් රැසක් ද රුසියානු යුද පෙරමුණේ සටන් වදින අතර ඔවුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලාංකික දූත පිරිසක් පසුගියදා රුසියාවේ සංචාරය කළා.

එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස රුසියානු බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14