”ක්ලබ් වසන්ත ව මරන්න මට ලක්ෂ 10ක් ලැබුණා” – ටැටු කඩේ හිමිකරු වමාරයි

Update:- ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීම සම්පූර්ණයෙන් ම ඩුබායි රාජ්‍යයෙන් ලද කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කළ බවට ටැටූ ආයතනයේ හිමිකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ; ඝාතනයට අදාළ ව ඊයේ රාත්‍රියේ දී ටැටූ කඩේ හිමිකරු ඇතුළු හයදෙනෙකු අත් අඩංගුවට ගැනුණු බවයි.

තමන්ට විශාල මුදලක් ක්ලබ් වසන්ත ඝාතනයට සැලසුම් සකස් කිරීමටත්; ඔහුව සිය ව්‍යාපාරික ආයතනයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගෙන්වීමටත් ඩුබායි සිට ලැබුණු බව ද ටැටූ ආයතනයේ හිමිකරු පවසා තිබෙනවා.

‘ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා.. ඒ ප්ලෑන් එකට අනුව තමයි ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන්න සැලසුම ක්‍රියාත්මක කළේ.. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා..” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇති බව සඳහන්.

මෙම ඝාතනයේ පිටිපස මේ වනවිට යුරෝපයට පලා ගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිටින බවත්; ඔහුගේ නම යැයි සැක කළ හැකි අයුරින් යෙදූ වෙඩි උණ්ඩයක් වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

එහි සඳහන් ව ඇත්තේ ‘ KPI’ ලෙසින්.

ඊයේ (08) උදෑසන 10.00ට පමණ අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ නව ටැටූ සාප්පුවක් විවෘත කිරීමේ අවස්ථාවට ක්ලබ් වසන්ත සමගින් ඔහුගේ බිරිඳ ද එක් වුණා.

එය විවෘත කර මිනිත්තු කිහිපයක් පමණ ගත වනවිට දී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වසන්ත, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසකට වෙඩි තැබූ අතර; බිරිඳගේ පපුවට එල්ල වූ වෙඩි පහරින් ඇය මේ වනවිට බරපතළ තත්ත්වයේ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සැත්කමකට ද ලක් ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුවාලකරුවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද සිටිනවා.

ඇයගේ ඉණෙන් පහළ කොටසට වෙඩි වැදුණ ද ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

ක්ලබ් වසන්ත සමග එහි රැඳී සිටි නයන වාසල නමැත්තෙකු ද මෙම වෙඩි පහරින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර ඊයේ වෙඩි තැබීමෙන් මියගිය ක්ලබ් වසන්ත යනු මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන්නෙක්.

ඔහු සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වන අතර කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් ඔහු විසින් කරගෙන ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාවේ දී වසන්ත සන්හිල් හෝටල් කිහිපයක් ම විකුණා දමා ඇති බවත් එම මුදලින් ඔහුගේ ණය සියල්ල ම ගෙවා දමා ඇති බවයි පැවසෙන්නේ.

නුවරඑළියේ, කොළඹ මැරීන් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර ඇති අතර කොළඹ රාත්‍රී සමාජශාලා කිහිපයකම හිමිකරුවකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් වන ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බවයි පොලීසිය පැවසුවේ.

මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක් වූ මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ ‘මාකඳුරේ මධුෂ්’ ක්ලබ් වසන්තගේ සමීප හිතවතකු බවත් සඳහන්.

මාකඳුරේ මධුෂ් ඩුබායි හි දී අත්අඩංගුවට පත් වූ උපන්දින සාදය සඳහා ක්ලබ් වසන්ත ද සහභාගිවීමට සිටි නමුත්, ගුවන් ගමන් ප්‍රශ්නයක් හේතුවෙන් ඔහුට ඊට සහභාගි වීමට ඉඩ ලැබුණේ නැහැ.

ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිත ව අනාවරණය නොවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති අතර විමර්ශන අඛණ්ඩ ව ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56